― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNews22 වැනිදා සිට 25 දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි

22 වැනිදා සිට 25 දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි

පෙබරවාරි 22 වැනිදා සිට 25 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කළ බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසීය.

අද (17) රැස්වූ පාර්ලිමේන්තු කාරක සභාවේදී මේ පිළිබදව තීරණය කර ඇත.

ඒ අනුව 22 වැනිදා නිෂ්පාදන ද්‍රව්‍ය තැරැව්කරුවන්ට බලපත්‍ර දීමේ පනත යටතේ රෙගුලාසියක් මෙන්ම රබර් නැවත වගා කිරීමේ සහනාධාර පනත යටතේ රෙගුලාසියක් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිතය.

23 වැනිදා දිනය පුරා විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන කල්තැබීමේ යෝජනාවක් විවාදයට ගැනීමට නියමිත අතර වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට සංශෝධනයක්ද, ගස් හෙළීමේ (පාලන) පනත යටතේ පොල් ගස ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමේ නියෝගයක්ද, 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි කිහිපයක් සහ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියෝගයක්ද එදින පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

25 වැනිදා පසුගිය සමයේ අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු වෙනුවෙන් ශෝක යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.