28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsෆේස්බුක් සමාගමට ලොකු දඩයක්

ෆේස්බුක් සමාගමට ලොකු දඩයක්

ෆේස්බුක් සමාගමට ඩොලර් මිලියන 14ක වන්දියක් ගෙවන ලෙසට ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයක් විසින් නියෝග කර තිබේ.

මෙටා සමාගම විසින් හඳුන්වාදෙනු ලැබූ ස්මාට් ජංගම දුරකථන යෙදවුමක් හරහා පරිශීලකයින්ගේ පෞද්ගලික දත්ත නිසි දැනුවත් කිරීමකින් තොරව එක්රැස් කිරීම, පරිශීලකයින් නිසි අයුරින් දැනුවත් නොකිරීම යන චෝදනා මතයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

එම යෙදවුම 271,000කට වැඩි වාර ගණනක් භාගත කර ඇති බවඅ අනාවරණය වී ඇති අතර මෙම නියෝගයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙටා සමාගමට අදාළ වන්දිය ඔස්ට්‍රේලියානු රජය වෙත ගෙවන ලෙසයි.

ඔස්ට්‍රේලියාවේ පාරිභෝගික කොමිසම විසින් මෙටා සමාගමට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.