― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsතමා කළ වරද පිළිගත් චීවරධාරියෙකුට අධිකරණය ලබා දුන් තීන්දුව

තමා කළ වරද පිළිගත් චීවරධාරියෙකුට අධිකරණය ලබා දුන් තීන්දුව

අද (27) කොළඹ මහාධිකරණය විසින්, බාලවයස්කාර ලිංගික අපචාර චෝදනා සම්බන්ධයෙන් පවරා තිබූ නඩු දෙකකට වරද පිළිගත් චීවරධාරියෙකුට, අත්හිටවූ සිරදඬුවම් සහිතව රුපියල් ලක්ෂ 06ක වන්දියක් සහ දඩ මුදල් ගෙවන ලෙසට නියෝග කළේය.

එනම් මෙහිදී, බාලවයස්කාර දරුවෙකුට බරපතළ ලිංගික අපචාරයක් සිදුකිරීම සහ බාලවයස්කාර සාමණේර හිමිනමකට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් වෙන් වෙන් වශයෙන් අදාළ නඩු පවරා තිබුණි.

අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ බාලවයස්කාර දරුවෙකුට බරපතළ ලිංගික අපචාරයක් සිදුකිරීම සම්බන්ධයෙන් අදාළ චීවරධාරියාට එරෙහිව ගොනුකර තිබූ එක් නඩුවක් කැඳවීය.

එහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නාමල් රාජපක්ෂ මහතා අධිකරණයට කරුණු දක්වමින්, විත්තිකරු තමන්ට එල්ලවී තිබෙන චෝදනා තුනටම වරද පිළිගන්නා බව සඳහන් කළේය.

ඒ අනුව අදාළ චෝදනා තුනටම විත්තිකරුව වරදකරු කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඔහුට මාස 18ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් නියම කර එය වසර 05කට අත්හිටුවීමට නියෝග කළේය.

ඊට අමතරව රුපියල් ලක්ෂ 05ක වන්දියක් ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා, එම වන්දි මුදල අගතියට පත් පාර්ශ්වයට ගෙවන ලෙසත් නියෝග කෙරුණි. එමෙන්ම විනිසුරුවරයා විසින් විත්තිකරුට රුපියල් 3,000ක දඩයක් ද නියම කරනු ලැබීය.

ඉන් අනතුරුව 2016 වසරේ සිය විහාරස්ථානයේ වැඩවාසය කළ සාමණේර හිමිනමකට පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව විත්තිකාර හිමිනමට එරෙහිව ගොනුකර තිබූ තවත් නඩුවක් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම චෝදනාවලට ද විත්තිකරු වරද පිළිගත් අතර ඒ අනුව විත්තිකරුට විනිසුරුවරයා විසින් වසර 02ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කර එම දඬුවම වසර 05කට අත්හිටුවන ලෙසත් නියෝග කළේය.

ඊට අමතරව පහරදීමට ලක්වූ බාල වයස්කරුට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසත් විත්තිකරුට නියෝග කෙරුණි. මීට අමතරව රුපියල් දෙදහසක දඩයක් ගෙවන ලෙසත් විනිසුරුවරයා විසින් විත්තිකරුට නියෝග කර තිබුණි.