26.7 C
Colombo
Sunday, August 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකුඩා දැරියකගේ මළ සිරුරක් කළුතර උතුර වෙරළට ගොඩගසයි

කුඩා දැරියකගේ මළ සිරුරක් කළුතර උතුර වෙරළට ගොඩගසයි

වයස අවුරුදු දෙක හමාරක් පමණ වන දැරියකගේ මළ සිරුරක් කළුතර උතුර වෙරළ තීරයට ගොඩගසා තිබියදී හමුවී තිබෙනවා.

මෙලෙස හමුවී ඇති මළ සිරුරෙහි අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

අද පස්වරුවේ කළුතර උතුර ප්‍රදේශයේ ධීවර කටයුතුවල යෙදී සිටී ධීවරයකු සිරුර දියමත පාවෙන ආකාරය දැක තිබුණ ද එය ටෙඩි බෙයා හෝ වෙනත් විශාල බෝනික්කෙකු යැයි සිතා ගොඩගෙන නොමැති බව අනාවරණ වී තිබෙනවා.

අනතුරුව එම සිරුර කළුතර උතුර නාගස්හන්දිය ප්‍රදේශයේ ගල්වැටිය ආසන්නයට ගොඩගසා තිබුණා.

මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.