― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportපරදින විට ලැජ්ජාවක් හා ආත්මාභිමානයක් තිබිය යුතුයි - ධම්මික

පරදින විට ලැජ්ජාවක් හා ආත්මාභිමානයක් තිබිය යුතුයි – ධම්මික

පාකිස්ථාන සමඟ පැවති දෙවන සහ අවසන් ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අමිහිරි පරාජයකට මුහුණදීමට සිදුවුණා.

ශ්‍රී ලංකාව පරාජය කරමින් පාකිස්ථානය මෙම තරගය ජයගත්තේ ඉනිමකින් සහ ලකුණු 222කින්.

පාකිස්ථානය ලැබූ මෙම දැවැන්ත ජයත් සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය පුරන ජයක් ලැබීමට ඔවුනට හැකියාව ලැබුණා.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලිය පරාජයට පත්වීමත් සමඟ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් සිය ෆේස්බුක් ගිණුමට විශේෂ සටහනක් එක්කර තිබුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම අතීතයේදී ලැබූ අමතක නොවන ජයග්‍රහණයන් කිහිපයක ඡායාරූප කිහිපයක් එක්කරමින් ධම්මික මෙම සටහන ඔහුගේ ෆේස්බුක් ගිණුමට එක් කර තිබූ ආකාරයයි දැකගත හැකි වුණේ.

ඔහු එහි ආරම්භයේ දී සඳහන් කර තිබුණේ ක්‍රීඩාව අනාගතයේ මතු පරම්පරාවන් වෙනුවෙන් රැකගැනීමේ අදිටනින් මෙම සටහන තබන බවයි.

ධම්මික ප්‍රසාද් සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන පහතින්,

ටෙස්ට් තරග දෙකක් මව්බිම තුලදීම අප පරාජය පත්වී ටෙස්ට් තරගාවලියක්ද පරාජයට පත්වී ඇති පසුබිමක මෙසේ ලියනුයේ මේ ක්‍රීඩාව අනාගතයේ මතු පරම්පරාවන් වෙනුවෙන් රැක ගැනීමේ අදිටනෙනි.

ජය පරාජය මෙහි ස්‌වභාවය වේ, නමුත් ????? ක්‍රීඩකයන් හිතා මතා පරදින්නේ නැත, ඔවුන් පැරදුන විට එම දුක ඔවුනටද දැනේ, නමුත් යම් තැනක දෙයක් අපට වැරදී ඇත, එය සොයා එයට පිළියම් යොදන තාක්කල් අපට කණ්ඩායමක් ලෙස cඔන්සිස්ටෙන්ට්ල්ය් (ස්ථිර) ලෙසම දස්කම් සහ ජග්‍රහණය සොයා යා නොහැක. වෘත්තීය ක්‍රීඩකයන් ලෙස ක්‍රීඩා කරන විට හැමවිටම මූලිකත්වය දිය යුත්තේ තමන් කරන ක්‍රීඩාව වෙනුවෙනි, ඒ සදහා කල යුතු කැප කිරීම් බොහොමයකි. දිනුම පැරදුම මේ ක්‍රීඩාවේ සොබහාවය වේ, නමුත් පරාජයට පත්වුවත් එය අන්තිම මොහොත වෙනතෙක් සටන් කර පරාජයට පත් වුවහොත් එය දරා ගත හැක. නමුත් සටනක් නොදී පරදින විට හැමටම ඇත්තේ දුකකි. පරදින විට ලැජ්ජාවක් සහ ආත්මාභිමානයක් තිබිය යුතුය, එසේ වුවහොත් අප පරාජයට වඩා ජයග්‍රණය වෙනුවෙන් වෙහෙසෙනු ඇත.

සමහර ක්‍රීඩකයන් ෆේල්ය. සුපුරුදු දස්කම් අතර නොසිටී. නමුත් මෙය පුහුකරුවන් සහ නොයෙකුත් පාර්ශවයන් පිලි ගැනීමට අකමැතිය. මමද පුද්ගලිකවම ක්‍රීඩකයන් වෙනුවෙන් සිට ගත් අවස්ථා අප්‍රමාණය. පිතිකරුවෙක් හෝ පිතිකරුවන්, පන්දු යවන්නෙක් හෝ යවන්නන් ෆේල් නම්, හොදට කරන්නේ නැතිනම්, එසේනම් කළ යුත්තේ ඔහුගේ රිද්මය සොයා ගැනීමට දේශීය තරග වලට යොමු කර සුපුරුදු රිද්මයට පැමිණි පසු නැවත කණ්ඩායමට එක් කර ගැනීමය. ක්‍රීඩකයෙක් ෆේල් නම් ඔහුව විනාශ නොකර ඔහුව හරි ලෙස කළමනාකරණය කර ඔහුව සුපුරුදු රිද්මයට ගෙන ඒම දහස් ගණනින් පඩි ගන්නා පුහුකරු මහත්වරුන්ගේ වගකීම වේ. පිතිකරුවන්, පන්දු යවන්නන් ෆේල් වන විට එහි වගකීම පුහුණුකරුවන්ද බාර ගත යුතුය ඔවුන්ට මොහු හොදට කරන්නේ නෑ, කියනදේ අහන්නේ නෑ යන්න මාද්‍ය ඉදිරියට පැමිණ කියනවාට වඩා කළ යුතු ලොකු වැඩ කොටසක් ඇත. පුහුකරුවකු යන්න ක්‍රීඩකයකු වැටුන විට ගොඩ ඒමට අත දෙන කෙනා මිස පයින් ගසා දමන කෙනකු නොවේ. කට මැද දොඩන පරිපාලනයක් සහ පරිපාලකයන් සිටින අපට මේ ක්‍රිකට් ක්‍රීඩාව රැක ගත යුතු ආකාරය සහ එය දියුණු කල හැකි ආකාරය ගැන අවබෝදය මද බව මේදිනවල වන සමහර සිද්දීන්ගෙන් තේරුම් යයි.

පිල් බෙදී කරන ක්‍රීඩාවක් කිරීමට පරිපාලකයන් සහ ඔවුන්ගේ ධුර කාල වල සිටින තේරුම් කමිටු සාමාජිකයන්ද උත්සහා නොගත යුතුය, එසේ වුවහොත් වනුයේ එක එකාට පන්දුව පාස් කර කර සිටීම පමණි. එසේ වන විට පහලට යන්නේ අපේ ක්‍රිකට්ය. පුද්ගලික කොන්තර මෙයට අදාල කර ගත යුතුද නැත, විවේචන කිරීම්ද අවශ්‍ය නැත. අවශ්‍ය වනුයේ අපේ මේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහල නැංවීමට කල හැකි හොදම දේ කිරීම පමණකි. පරිපාලකයා සහ ක්‍රීඩකයා තේරුම් ගත යුතු එකම දෙයක් ඇත. එනම් ප්‍රේක්ෂකයා නිසා මේ ක්‍රීඩාව සහ ක්‍රීඩකයාගේ ජනප්‍රියත්වය රැකී ඇති බව සහ එම ක්‍රීඩකයන් නිසා ඔය සිටින පරිපාලන මහත්වරුන් අද ඔතන සිටින බව සහ ප්‍රේක්ෂකයා මේ තරග නැරබීම අත්හළහොත් සිදුවන්නේ කුමක්ද කියාය? එමනිසා අපේ දස්කම් වලින් අප ක්‍රීඩා කලත් අප නියෝජනය කරන්නේ මිලියන 23 වන ශ්‍රී ලාංකිකයන් වේ. ප්‍රේක්ෂකයාට ගුණ ප්‍රසස්ති ගැයීමටත්, විවේචනය කිරීමටත් අයිතියක් ඇත. එවිට හැම දෙයකටම මුහුණ දීමට ක්‍රීඩකයා ශක්තිමත් විය යුතුය. තේරුම් ගත යුතු එකම කරුණ වනුයේ ඔවුන් එසේ කරනුයේ මේ ක්‍රීඩාවට ඇති මහත්වු ඇල්ම නිසාවෙනි.

ක්‍රිකට් ආයතනය පුද්ගලික ආයතනයක් බව සැබෑවකි, රජයෙන් නඩත්තු නොවන බවද සැබෑවකි, නමුත් ක්‍රීඩකයන් සහ ආයතනය නියෝජනය කරනුයේ ශ්‍රී ලංකාව බව පරිපාලකයන් අමතක නොකළ යුතු කාරණාවකි. එබැවින් අප ක්‍රීඩා කරනුයේ ශ්‍රී ලංකා ධජය යටතේය. ක්‍රීඩකයන් , පරිපාලකයන් කලින් කල වෙනස් වේ, ඔවුන් වෙනස් වුවා කියා මේ ක්‍රීඩාව නවතින්නේ නැත, එසේනම් කල යුත්තේ ක්‍රීඩා කරන කාලයේ, ධුරයන් හොබවන කාලයේ මතක හිටින විදිහට වැඩක් කර නම තබා යෑමය. මන්ද කිසිම කෙනෙකු මේ ක්‍රිකට් ක්‍රීඩාවට වඩා ලොකු නැත. එසේනම් මේ ක්‍රීඩාවට හරි දේ කොට තෘප්‍තිමත්ව තම ධුර කාලය නිමා කොට සැබෑ මහත්වරුන් ලෙස නික්ම යාමට සිතට ගත යුතුය. මන්ද ක්‍රිකට් යනු ක්‍රීඩක අපගේත්, පරිපාලනය අද සිටින ඔබලගේත් බුදලයක් නොව මෙය මුලුමහත්වූ ශ්‍රී ලංකික මිලියන 23ක් වූ ජනයාට අයිති සහ නිල වශයෙන් ජාතික ක්‍රීඩාව නොවුවත්, නිල නොවන ජාතික ක්‍රීඩාව ක්‍රිකට් වන බැවිනි. එය රැක ගැනීමට ක්‍රීඩක අපගේත්, පරිපාලනයේ සිටින ඔබේත්, ප්‍රේක්ෂක ඔබේත් වගකීම වේ.”