22.2 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයතුරුපැදි අනතුරකින් සිසුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

යතුරුපැදි අනතුරකින් සිසුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

මාදම්පේ තඹගල්ල ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

අදාළ සිසුන් දෙදෙනා ගමන්ගත් යතුරුපැදිය අධික වේගයෙන් පැමිණ මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම අනතුර සිදුවන අවස්ථාවේ ආරක්ෂිත හිස්වැසුම්ද නොමැතිවයි පාසල් නිල ඇදුමින් සැරසී මෙම සිසුන් දෙදෙනා යතුරුපැදියේ ගමන් කර ඇත්තේ.

යතුරුපැදිය ධාවනය කළ සිසුවා රෝහලට රැගෙන යමින් සිටින අතරතුර ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් සිසුවා ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි මියගොස් තිබෙන්නේ.

පොලීසිය සඳහන් කළේ ඔවුන් දෙදෙනා 16 හැවිරිදි වියේ පසුවන අතර රුවන්වැල්ල සහ හලාවත යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.