― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනඩු ලේඛන සපා කෑ නීතිඥවරිය අත්අඩංගුවට

නඩු ලේඛන සපා කෑ නීතිඥවරිය අත්අඩංගුවට

කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පැවැති ඉඩම් නඩුවකට අදාළව ලේඛනාගාරයේ තිබූ ලිපිගොනුවක ඇතුළත්ව තිබූ ලේඛන පිටපත් දෙකක් ඉරා සපා කා විනාශ කළ බව කියන නීතිඥවරියක කැකිරාව පොලිසිය මඟින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරියක් බවයි වාර්තා වන්නේ. අධිකරණයේ නඩු කටයුතු සිදුවෙමින් පැවැති කාලය තුළ දී ඇය අධිකරණ ලේඛණාගාරයේ තිබූ ඉඩම් නඩුවකට අදාළ නඩු ගොනුවේ තිබූ ලේඛන දෙකක් එම ගොනුවෙන් ඉරා ගෙන එම ස්ථානයේදීම සපා කා විනාශ කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් එම අවස්ථාවේ ලේඛනාගාරයේ රාජකාරියේ නිරතව සිටි අධිකරණ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් හා නිලධාරිණියන් විසින් අධිකරණයේ රෙජිස්ටාර්වරයාට දැනුම්දිමට පියවර ගෙන තිබෙනවා.

එම අවස්ථාවේ අධිකරණ භූමියේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරිනියන් විසින් සැකකාර නීතීඥවරිය පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී ඇය විසින් සපා විනාශ කර තිබූ ලේඛන කොටස් කිහිපයක් ද සොයාගත් බව පොලිසිය පවසන්නේ.

ඒ අනුව සැකකාර නීතිඥවරිය අදාළ නඩු භාණ්ඩද සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. පොලිස් අත්අඩංගුවට ගෙන ඇති සැකකාර නීතිඥවරිය අද (28) දිනයේ කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළා.