― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරෝහල්වල විදුලිය කපන්නේ නැහැ - ලංවිම

රෝහල්වල විදුලිය කපන්නේ නැහැ – ලංවිම

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පාලනය වන කිසිදු රෝහලක ඉදිරි මාස දෙකක කාලයක් සඳහා විදුලිය නොකපා සිටීමට විදුලිබල මණ්ඩලය සහතිකයක් ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක පවසයි.

ලේකම්වරයා මේ බව සඳහන් කළේ ඊයේ (27) මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

එහිදී ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ සෞඛ්‍ය ඇමතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා සමග ඇති කරගත් එකඟතාවකට අනුව මෙම සහතිකය ලබාදුන් බවයි.

එමෙන්ම කොළඹ ජාතික රෝහලේ හිඟ විදුලි බිල්පත ගෙවීම සඳහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 120ක් ලබා දුන් බවත් මාස දෙකක් ඇතුළත හිඟ විදුලි බිල් ගෙවා දමා ඉන් අනතුරුව සෑම මසකම විදුලි බිල් නියමාකාරව ගෙවිය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය මුදල් නියමාකාරව ලබා දෙන බවට භාණ්ඩාගාරයෙන් සහතිකයක් ලබා දී ඇති බවත් ලේකම්වරයා එහිදී අවධාරණය කළේය.