― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලබන වසරට චීනයෙන් නොමිලේ නිල ඇඳුම් ඉල්ලයි

ලබන වසරට චීනයෙන් නොමිලේ නිල ඇඳුම් ඉල්ලයි

2024 වසර සඳහා පාසල් සිසුන්ට අවශ්‍ය නිලඇඳුම් රෙදි සම්පූර්ණ ප්‍රමාණයම නොමිලේ ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විදේශ සම්පත් දෙපාර්තමේන්තුව ඔස්සේ චීන තානාපති කාර්යාලයෙන් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

පවතින් ආර්ථික අර්බුදයත් සමඟ ලබන වසර සඳහා අවශ්‍ය නිලඇඳුම් සපයා ගැනීම ද ගැටලුවක් වීම හේතුවෙන් චීන් රජයෙන් මෙම ඉල්ලීම කර ඇති බවයි විදේශ සම්පත් දෙපාර්තමේන්තුව පවසන්නේ.

පසුගිය වසරේ අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත විසින් චීන තානාපති කාර්යාලයෙන් කරන ලද ඉල්ලීම අනුව මෙම වසරට අදාළව මීටර් අසූ අට ලක්ෂ හැට දෙදහස් නවසිය අනූවක් ලැබුණු අතර එම නිලඇඳුම් රෙදි මේ වනවිට සියලුම සිසුන් වෙත බෙදා හැර අවසන් කර තිබේ.