― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගිණුම් විවෘත කිරීම කඩිනම් කරන්නැයි උපදෙස්

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගිණුම් විවෘත කිරීම කඩිනම් කරන්නැයි උපදෙස්

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් විවෘත කිරීමේ කටයුතු කඩිනම් කරන්නැයි සමාජ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය උපදෙස් දී තිබේ.

ඊයේ (27) රාජ්‍ය බැංකු සභාපතිවරුන් සමඟ කළ සාකච්ඡාවකදීයි මෙම උපදෙස් ලබා දී ඇත්තේ.

ඒ අනුව සති අන්තයේ හා සවස් වරුවේ ගිණුම් විවෘත කිරීම සඳහා ප්‍රතිලාභීන්ට පහසුකම් සලසන ලෙස උපදෙස් දුන් බවයි සමාජ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී විජේරත්න පැවසුවේ.

අස්වැසුම ප්‍රතිලාභ ලැබීම සඳහා සුදුසුකම් ලැබූ පිරිසෙන් මිලියනයට පමණ බැංකු ගිණුම් නොතිබූ බව පැවසූ සභාපතිවරයා අවධාරණය කළේ පසුගිය දින කිහිපයේ ඉන් ලක්ෂ 04කට පමණ බැංකු ගිණුම් විවෘත කර දුන් බවයි.