― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldඕස්ට්‍රේලියාවේ හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටී දරුණු අනතුරක් - හතරක් අතුරුදන්

ඕස්ට්‍රේලියාවේ හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටී දරුණු අනතුරක් – හතරක් අතුරුදන්

ඕස්ට්‍රේලියාවේ ඊසාන දිග වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයට හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් පුද්ගලයන් සිව්දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.

ඔස්ට්‍රේලියානු සහ එක්සත් ජනපද හමුදා අතර පැවති පුහුණු අභ්‍යාසයක් අතරතුර ඊයේ (28) මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඕස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාල්ස් පැවසුවේ සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුමක් වහාම දියත් කළ බවයි.

අතුරුදන්ව සිටින ගුවන් කාර්ය මණ්ඩලය හතර දෙනා තවමත් සොයාගෙන නොමැති බව අද (29) උදෑසන පැවති මාධ්‍ය හමුවකදී මාල්ස් පැවසුවා.
සිදු වූ මෙම අනතුරත් සමඟ හමුදා පුහුණු අභ්‍යාසයේ විරාමයක් ද නිවේදනය කර තිබෙනවා.