― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවෙඩි වැදීමකින් මියගිය තරුණයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

වෙඩි වැදීමකින් මියගිය තරුණයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

වවුනියාව,පාලමොටෙයි ප්‍රදේශයේ දී වෙඩි වැදීමකින් මියගිය බවට සැක කෙරෙන තරුණයෙකුගේ මළ සිරුරක් අද (29) අලුයම සොයාගෙන තිබෙනවා.

පොලිසිය පැවසූවේ ඕමන්ත, වෙප්පන්කුලම් ප්‍රදේශයේ ගෙවතු වගා කරමින් සිටි 21 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් මෙලෙස සොයා ගෙන ඇති බවයි.

ඔහු ගෙවතු වගා කරමින් සිටි ස්ථානයේ සිට මීටර් 100ක් පමණ දුරින් තිබී මළ සිරුර හමුවී ඇති අතර, තරුණයාගේ ශරීරයේ වෙඩි සලකුණක් පවතින බව ද පොලිසිය සඳහන් කර තිබෙනවා.

තරුණයාගේ මරණය සිය දිවි නසාගැනීමක් ද ? ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය කරගෙන නැහැ.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වවුනියාව රෝහලට යොමු කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.