29.5 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsට්‍රැක්ටරයක් ප්‍රපාතයකට පෙරළීමෙන් රියදුරා මරුට

ට්‍රැක්ටරයක් ප්‍රපාතයකට පෙරළීමෙන් රියදුරා මරුට

දිඹුල පතන මවුන්ට් වර්නන් වතුයායේ දී ට්‍රැක්ටර් රථයක් පෙරළීමෙන් එහි රියදුරු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද සවස මෙම ට්‍රැක්ටරය වතු යායේ ධාවනය වෙමින් තිබියදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරළි ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ රියදුරා කොටගල ප්‍රාදේශීය රෝහලට ගෙන යාමෙන් අනතුරුව වැඩි දුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහලට මාරු කර යැවීමේදී මියගොස් තිබෙනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්වී ඇත්තේ 60 හැවිරිදි පුද්ගලයෙක්.

වතුයායේ තේ දලු සහ දර ප්‍රවාහනය කළ ටැක්ටර් රථය මෙලෙස අනතුරට ලක්වී තිබෙනවා.

ධාවනය වෙමින් තිබූ ට්‍රැක්ටර් රථයේ පසුපස කොටස එන්ජිමෙන් ගැලවී එන්ජින් කොටස ප්‍රපාතයට පෙරළි ඇතැයි සඳහන්.