― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsප්‍රමාණවත් ඉන්ධන තොග ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතිනවා - විදුලිබල හා...

ප්‍රමාණවත් ඉන්ධන තොග ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතිනවා – විදුලිබල හා බලශක්ති අමාත්‍ය

ඉන්ධන මිල සංශෝධනයක් බලාපොරොත්තුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් පාලනය කරන ඉන්ධන පිරවුම්හල් 101ක පෙට්‍රල් 92 සහ පිරවුම්හල් 61ක ලංකා ඔටෝ ඩීසල්, 50% ක් අවම තොග ඊයේ දවස වන විට පවත්වාගෙන යාමට අපොහොසත් වී ඇති අතර ප්‍රමාණවත් තොග පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන ඊයේ දිනයේ ඇණවුම් කර නොමැති බව, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසයි.

නිසිපරිදි ඉන්ධන තොග පවත්වාගෙන යාමට අපොහොසත් වූ ඉන්ධන පිරවුම්හල් කීපයක පාලනය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතට ගැනීමට සහ අනෙකුත් පිරවුම්හල්වලට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගැනීමට පසුගිය මස කටයුතු කරනු ලැබ ඇති බවද සඳහන් කරයි.

නිසියාකාරව අවශ්‍ය අවම ඉන්ධන තොග පවත්වාගෙන යාමට අවශ්‍ය ඇණවුම් සිදු කරන ලෙස සියලුම ඉන්ධන පිරවුම්හල් හිමියන්ගෙන් ඉල්ලා සිටින අතර අවශ්‍ය ප්‍රමාණවත් ඉන්ධන තොග ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

2023.07.30 වනදා උදෑසන 8.30 වනවිට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින ඉන්ධන තොග පහත පරිදි දක්වා තිබෙනවා.

ලංකා ඔටෝ ඩීසල් – මෙ.ටො. 124,690

සුපිරි ඩීසල් – මෙ.ටො 5,651

පැට්‍රල් 92- මෙ.ටො 19,903

පැට්‍රල් 95 – මෙ.ටො 4,537

ගුවන්යානා ඉන්ධන – මෙ.ටො 26,539

අවශ්‍ය ප්‍රමාණවත් ඉන්ධන තොග ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතිනවා – විදුලිබල හා බලශක්ති අමාත්‍ය