― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsනීති විරෝධී ගබ්සා කිරීම්වල වාර්තාගත ඉහළ යෑමක්

නීති විරෝධී ගබ්සා කිරීම්වල වාර්තාගත ඉහළ යෑමක්

දිවයින පුරා නීති විරෝධි ගබ්සා කිරිම්වල වාර්තාගත ඉහළ යෑමක් පෙන්නුම් කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසනවා.

ගබ්සා කිරීම් වලට බඳුන් වන වැඩිදෙනා අවිවාහක අය වනවා.මේ අතර අයථා පිළිසිඳ ගැනීම් ඇතුළු එවැනි වැරැදි බොහොමයකට ජංගම දුරකතන සහ සමාජ මාධ්‍ය ඔස්සේ ඇතිවන සම්බන්දකම් ප්‍රධාන වශයෙන් හේතුවී ඇති බව පොලිසිය පවසනවා.

පසුගිය 2020 වසරේදී වාර්තා වූ මෙම වැරදි ප්‍රමාණය 34 ක් වනවා.

එම වැරැදි ප්‍රමාණය 2021 වසරේදී 48 දක්වා සියයට 41 කින්ද 2022 වසරේදී 65 ක් දක්වා සියයට 35කින්ද ක්‍රමිකව ඉහළ ගොස් ඇතැයි පොලිස් මූලස්ථානයේ 2022 වාර්ෂික වාර්තාවේ දැක්වෙනවා.

මේ අතර මෙම අපරාධ විසඳීමේ ප්‍රතිශතය 2021 වසරේදී සියයට 63 ක් වනවා.2022 වසරේ එය සියයට 46 දක්වා පහළ ගොස් ඇති බවයි පොලිසිය පවසනවා.