28 C
Colombo
Friday, April 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකෙසෙල්වත්තේ වෙඩි තැබීම ගැන තොරතුරු රැසක් එළියට

කෙසෙල්වත්තේ වෙඩි තැබීම ගැන තොරතුරු රැසක් එළියට

ඊයේ (30) පස්වරුවේ කෙසෙල්වත්ත මාටිස් පටුමග ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීම තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

පොලීසිය පෑසුවේ මෙලෙස වෙඩිතබා ඝාතනය කළ කාවින්ද දිල්ෂාන් හෙවත් කෙසෙල්වත්තේ පොඩි කවී නැමැත්තා ඩුබායි හි සැඟව සිටින කෙසෙල්වත්තේ දනුකගේ ගෝලයෙකු බවට අනාවරණය වී ඇති බවයි.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ඊයේ (30) පස්වරුවේ මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර 20 හැවිරිදි තරුණයෙකුයි සිද්ධියෙන් මියගොස් ඇත්තේ.

මියගිය තරුණයා මාටිස් පටුමග ප්‍රදේශයේ වෙළදසැළක් ඉදිරිපිට රැඳී සිටියදී යතුරුපැදියෙන් පැමිණි දෙදෙනා ඔහු ඉදිරිපිට යතුරුපැදිය නතර කොට වෙඩි තැබීමට උත්සාහ දරා ඇති අතර එම අවස්ථාවේදී තරුණයා වෙළඳසැළක් තුළට දිවගොස් තිබේ.

පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ වෙඩි තැබීමට පැමිණි පුද්ගලයෙකු ඔහු පසුපස හඹාගොස් වෙළඳසැළ තුළට පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.