රජරට ප්රාදේශීකයේ ඩිපෝ 7ක සේවකයින් බස් ධාවනයෙන් ඉවත්ව ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
ඒ අනුව දඹුල්ල, අනුරාධපුර, කැකිරාව, හොරොව්පතාන, පොලොන්නරුව, කැබිතිගොල්ලෑව යන රජරට බස් සමාගමට අයත් ඩිපෝ සියල්ලේම බස් රථ ධාවනයෙන් ඉවත්ව ඇති බවයි වාර්තා වන්නේ.
හොරොව්පතාන ලංගම බස් ඩිපෝවේ වෘත්තීය සමිති නායකයෙකු වන ඩිපෝ පරීක්ෂක වරයකු පෞද්ගලික බස් රථයකින් රැගෙන ගොස් පහර දීමේ සිද්ධිය හෙළා දකිමිනුයි ඔවුන් මෙලෙස බස් රථ ධාවනයෙන් ඉවත් වී ඇත්තේ.