27.8 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ අයිතිවාසිකම් ගැන සොයයි

නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ අයිතිවාසිකම් ගැන සොයයි

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගින්ගේ මානව හිමිකම් කඩවන්නේද යන්න සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කිරීමට තීරණය කර තිබේ.

පසුගියදා එම රෝහලේ රෝගියෙකු කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ පිරිසක් සිදුකළ පහරදීමකින් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර ඇත.

එහි මූලික විමර්ශනවලදී අනාවරණ වූ තොරතුරු මත එවැනි පරීක්ෂණයක අවශ්‍යතාව හඳුනාගෙන ඇති බවයි මානව හිමිකම් කොමිෂන් සභාව පැවසුවේ.

අංගොඩ මානසික රෝග විද්‍යායතනයේ රෝගියෙකුට පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් සේවකයන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ලබන මස 10 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.