― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලොව පුරා 1767 දෙනෙකුට ලාංකිකයන්ගේ ඇස්වලින් පෙනීම

ලොව පුරා 1767 දෙනෙකුට ලාංකිකයන්ගේ ඇස්වලින් පෙනීම

මෙම වසරේ ජූලි 28 වැනිදා දක්වා ශ්‍රී ලංකිකයින් විසින් රටවල් 57ක පුද්ගලයින් 1767දෙනකුට ​පෙනීම ලබාදීමට දායක වී ඇති බව ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය පවසයි.

ඒ අනුව ජපානය, ඊජිප්තුව, පාකිස්තානය, තායිලන්තය, මැලේසියාව සහ සිරියාව ඇතුළු රටවල් 57ක නගර 117ක දෑසම හෝ එක් ඇසක් නොපෙනෙන පුද්ගලයින් සඳහා ලාංකිකයින් මෙලෙස ඇස් පරිත්‍යාග කර ඇති බවයි ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ ජ්‍යෙෂ්ඨ කළමණාකරු ජගත් සමන් මාතරආරච්චි සඳහන් කළේ.

එක් ඇසක් හෝ දෑසම නොපෙනෙන දෙස් විදෙස් ඕනෑම පුද්ගලයෙකුට වෛද්‍ය නිර්දේශ අනුව නොමිලේ ඇස් සැපයීමට ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය ඉදිරිපත් වී සිටින බවයි හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේ.

එමෙන්ම මෙරට අක්ෂි වෛද්‍යවරුන්ගේ නිර්දේශවලට අනුව ශ්‍රී ලාංකිකයින් 541දෙනකුට ද මෙලෙස ඇස් පරිත්‍යාග කර ඇති බවත් මේ වනවිට ඇස් දන්දීම සඳහා ලාංකිකයින් ලක්ෂ 22ක් සිය කැමැත්ත ප්‍රකාශ කර තිබෙන බවත් ඔහි කියා සිටියේය.