26.1 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමංගල ගමනට පෙර යළි ක්‍රියා විරහිත වූ කුමුදුනී

මංගල ගමනට පෙර යළි ක්‍රියා විරහිත වූ කුමුදුනී

යාපනයේ ඩෙල්ෆ්ට් ඇතුළු දූපත් කීපයක මගීන් ප්‍රවාහනය කරන කුමුදුනී බෝට්ටුව අළුත්වැඩියා කොට මංගල ගමන යාමට ස්වල්ප වේලාවකට පෙර එම බෝට්ටුව යළි ක්‍රියා විරහිත වී තිබේ.

1968 වසරේ සිට යාපනයේ දූපත් අතර ගමනාගමන කටයුතුවල නිරත කුමුදුනී බෝට්ටුව මීට මාස දහයකට පමණ පෙර ක්‍රියා විරහිත වූ අතර රුපියල් ලක්ෂ තිස්පහක් පමණ වියදම් කොට යළි එම බෝට්ටුව මාර්ග සංවර්ධන අධිකාරිය විසින් යාපනයේදී අලුත්වැඩියා කරනු ලැබීය.

එම අළුත්වැඩියා කිරීම්වලින් පසුව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවාන්නදා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එම බෝට්ටුව මංගල ගමන ආරම්භ කිරීමට පැය කීපයකට පෙර යළි ක්‍රියා විරහිත වී තිබෙන්නේ.