― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsව්‍යාජ මත්පැන් බෝතල් හඳුනා ගැනීමට නව යෙදුමක්

ව්‍යාජ මත්පැන් බෝතල් හඳුනා ගැනීමට නව යෙදුමක්

ව්‍යාජ ආරක්‍ෂිත ස්ටිකර් සහිත මත්පැන් බෝතල් හඳුනාගැනීම සඳහා නව යෙදුමක් වහාම සකස් කරන ලෙස ක්‍රම හා විධි කාරක සභාවෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස්

ව්‍යාජ ආරක්‍ෂිත ස්ටිකර් සහිත මත්පැන් බෝතල් හඳුනාගැනීම සඳහා නව යෙදුමක් වහාම සකස් කරන ලෙස ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක මහතා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන ලදී.

2023.07.24 දින ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ඒ මහතා මෙම උපදෙස් ලබාදුන්නේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා සහ ගරු ගාමිණී වලේබොඩ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්විය.

ව්‍යාජ නිෂ්පාදන වැළැක්වීම සඳහා මත්පැන් බෝතල් සඳහා ආරක්‍ෂක ස්ටිකර් හඳුන්වා දී ඇතත් තවමත් ව්‍යාජ ආරක්‍ෂිත ස්ටිකර් වෙළෙඳ පොළේ භාවිත වන බවත් මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේය. එසේම ව්‍යාජ ස්ටිකර් හඳුනාගැනීමේ යාන්ත්‍රණයක් දෙපාර්තමේන්තුව සතුව නොමැති බවත් මෙහිදී අනාවරණ විය.

තවද පසුගිය අයවැයෙන් බදු වැඩිකිරීම් ඇතුළු කරුණු කිහිපයක් මත්පැන් ආදායම පහළ වැටීමට හේතු වූ බව මෙහිදී දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පෙන්වා දුන් අතර මිල වැඩි කිරීමට පෙර ඉල්ලුම් නම්‍යතාවය ගණනය කිරීම අවශ්‍ය බව මෙහිදී කාරක සභාවේ සාමාජිකයින් පෙන්වා දුන්නේය. එසේම මත්පැන් සඳහා බදු වැඩිකිරීම සිදුකිරීමේදී දෙපාර්තමේන්තුව විසින් සුදුසු සමීක්ෂණ සිදු කොට මුදල් අමාත්‍යාංශයට නිසි උපදෙස් ලබාදිය යුතු බවද කාරක සභාවේ අවධාරණය කළේය.එමෙන්ම මත්පැන් නිෂ්පාදනය සඳහා භාවිත කරන සහල් ඇතුළු අමුද්‍රව්‍ය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස ද කාරක සභාව සුරාබදු දෙපාර්තමේන්තු වේ නිලධාරීන් වෙත නියෝග කළේය.

තවද රට තුළ නිෂ්පාදනය වන මත්පැන් ප්‍රමාණය සහ වෙළෙඳ පොළට නිකුත් කෙරෙන මත්පැන් ප්‍රමාණය ඇතුළු තොරතුරු සෘජුව පරීක්ෂා කිරීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ පාලනය යටතේ යාන්ත්‍රණයක් තිබිය යුතු බව ද කමිටුව පෙන්වා දෙන ලදි.

මධ්‍යසාර නිෂ්පාදනය සඳහා රා අවශ්‍යතාවය සහ කෘතිම රා නිෂ්පාදනයෙන් සිදුවන බලපෑම් සහ රා නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා නව පොල් ගස් වගා කිරීම ඇතුළු විවිධ කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

එසේම බොහෝ මත්පැන් සමාගම්වලින් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු හිඟ බදු මුදල් පවතින බවද නිලධාරීහු මෙහිදී පැවසූ අතර එවැනි සමාගම්වල බලපත්‍ර අවලංගු කිරීම පිළිබඳව අවධානය යොමු කරන ලෙස මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පෙන්වාදුන්නේය.