27.4 C
Colombo
Friday, October 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදියේ ගිලී දරුවෙක් ජීවිතක්ෂයට

දියේ ගිලී දරුවෙක් ජීවිතක්ෂයට

කලා ඔයේ දියනෑමට ගිය පිරිමි දරුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (01) සවස දරුවා දියේ ගිලී බරපතළ තත්ත්වයෙන් නොච්චියාගම රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 12ක සාලියවැව ප්‍රදේශයේ පාසල් සිසුවෙක් වන අතර මියගිය දරුවා මිතුරන් කිහිපදෙනෙකු සමග කලා ඔය ආසන්නයේ දේවස්ථානයකට යන බව දෙමාපියන්ට දන්වා නිවසින් පිටව ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව කලාඔයේ දියනෑමට ගොස් සිටියදීයි මෙම අනතුරට ලක්ව තිබෙන්නේ.