25 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතලවිල පල්ලියේ සැක කටයුතු ලෙස සැරිසැරූ 05ක් අල්ලයි

තලවිල පල්ලියේ සැක කටයුතු ලෙස සැරිසැරූ 05ක් අල්ලයි

තලවිල දේවස්ථාන භූමියේ බැතිමතුන් අතර සැක කටයුතු ලෙස සැරිසැරූ මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ සැකකරුවන් 05 දෙනෙකු කල්පිටිය පොලිසිය විසින් ඊයේ (01) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම සිලාවතුර ප්‍රදේශයෙ පදිංචි අවුරුදු 22, 23 හා 24 වයස් සීමාවල පසුවන තරුණයින් පිරිසක් බව පොලිසිය පවසයි.

මෙම සැකකරුවන් තලවිල දේවස්ථානයේ අගෝස්තු මංගල්‍යයට පැමිණ සිටින දේවස්ථාන භූමියේ කූඩාරම් ගසාගෙන රැඳී සිටින විසි දහසකට ආසන්න පිරිස අතර සැකකටයුතු ආකාරයෙන් සැරිසරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුන් පස් දෙනාම මුස්ලිම් ජාතිකයින් වන අතර මොවුන් කුමන හේතුවක් මත දේවස්ථාන භූමියට පැමිණියාද යන්න ප්‍රශ්න කරමින් ඇති බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගැනුන සැකකරුවන් ප්‍රශ්න කිරීමෙන් පසු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.