― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබදියුදීන්ට අතුරු තහනම් නියෝගයක්

බදියුදීන්ට අතුරු තහනම් නියෝගයක්

විල්පත්තුව ආසන්නයේ වනාන්තර කපා හෙළි කළ ප්‍රදේශවල යළි ගස් සිටුවීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව නිකුත් කළ තීන්දුවක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

රිෂාඩ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමිනුයි මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කෙරුණේ.

පෙත්සම ලබන වසරේ පෙබරවාරි මස 28 වනදා කැඳවන ලෙසටත් අධිකරණය නියෝග කර තිබෙනවා.