― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසිනොපෙක් ඉන්ධන තොග කොළඹ වරාය

සිනොපෙක් ඉන්ධන තොග කොළඹ වරාය

සීමාසහිත Sinopec Energy Lanka (Private) Limited සමාගමේ පළමු ඉන්ධන තොග දෙක ඊයේ කොළඹ වරායට පැමිණ තිබෙනවා.

එම සමාගම නිවේදනය කළේ SI CHOUZHI LU සහ CHANG HANG KAI TUO විසින් මෙම ඉන්ධන තොග නැව්ගත කර ඇති අතර එහි ඛනිජ තෙල් නිෂ්පාදන මෙට්‍රික් ටොන් 42,000ක් පමණ වන බවයි.

එම නිෂ්පාදනවලට ඔක්ටේන් 92 පෙට්‍රල්, ඔක්ටේන් 95 පෙට්‍රල්, ඔටෝ ඩීසල් සහ සුපර් ඩීසල් ඇතුළත්.

මෙම ඓතිහාසික පළමු තොගයේ පැමිණීම, රට තුළ ස්ථාවර ඉන්ධන සැපයුමක් සඳහා වන සිය කැපවීම අවධාරණය කරනු ඇති බවටයි Sinopec සමාගම ප්‍රකාශ කර ඇත්තේ.

Sinopec සමාගම පසුගිය මැයි මස 22 වනදා ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා ශ්‍රී ලංකා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ දීර්ඝ කාලීන ගිවිසුමකට එළඹුණා.

අනතුරුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමග ද Sinopec සමාගම ජුලි 14 වෙනිදා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

2021 වසරේ දී Fortune Global 500 ලැයිස්තුවේ 5 වන ස්ථානයට පත්, China Petrochemical Corporation (Sinopec) ලොව විශාලතම තෙල් පිරිපහදු සමාගම වන අතර දෙවන විශාලතම තෙල් හා ගෑස් නිෂ්පාදකයා ලෙසටයි වාර්තා අතරට එක්වී ඇත්තේ.

සමාගමේ මුළු ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව දැනට ලෝකයේ දෙවන ස්ථානයට ද පත්ව තිබෙනවා.

එහි පළමු තොගය සාර්ථක ලෙස ශ්‍රී ලංකාවට පැමිණීම හමුවේ දිවයින පුරා පූර්ණ වශයෙන් ක්‍රියාත්මක සහ බලයලත් පිරවුම්හල් 150ක් පිහිටුවීමට ද දැනටමත් සූදානම් වෙමින් පවතිනවා.