― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඋපන්දින සාදයක් පැවති නිවසට ගිනි තැබූ සිද්ධියේ ප්‍රධාන සැකකරු රඳවාගෙන ප්‍රශ්න කෙරේ

උපන්දින සාදයක් පැවති නිවසට ගිනි තැබූ සිද්ධියේ ප්‍රධාන සැකකරු රඳවාගෙන ප්‍රශ්න කෙරේ

වවුනියාවේ ව්‍යාපාරික නිවසට ගිනි තබා නිවැසියන් ඝාතනය කළ ප්‍රධාන සැකකරු පැය 24 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා.

වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට සහ වවුනියාව පොලිස් නිලධාරීන්ට අද (03) සවස මෙම අවසරය ලබාදුන්නේ.

වවුනියාව, තෝණිකල් ප්‍රදේශයේ උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට සැකකරුවන් පසුගිය ජුලි මස 24 වැනිදා අලුයම ගිනි තබා තිබුණා.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වවුනියාව, කූමාන්කුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36ක් වන අයෙක්.

පොලිසිය පැවසූවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ වවුනියාව පොලිසිය සිදු කළ පරීක්ෂණ මත සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

ඝාතන සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වවුනියාව මහේස්ත්‍රාත්වරයා ඊයේ (02) සවස නියෝග කළා.

නිවසට ගිනි තැබීමෙන් 23 හැවිරිදි කාන්තාවක් එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්වු අතර පිළිස්සුම් තුවාල ලැබු ඇයගේ සැමියා වන 35 හැවිරිදි සුගන්දන් නමැති පුද්ගලයෙකු පසුගිය 26 වැනිදා යාපනය පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ජිවිතක්ෂයට පත්වුණා.

උපන්දින සාදයක් පැවති නිවසට පැමිණි සැකකරුවන් නිවැසියන්ට කැපුම් තුවාල සිදු කර නිවැසියන් ගෙතුළට ගිය අවස්ථාවේ නිවසට ගිනි තැබීම සිදු කර තිබුණා.

සිද්ධියෙන් මියගිය යුවළගේ වයස අවුරුදු 02ක පිරිමි දරුවා, අවුරුදු 07ක හා අවුරුදු 13ක ගැහැණු දරුවන් දෙදෙනෙකු, වයස අවුරුදු 19ත් 41ත් අතර පසුවන කාන්තාවන් 04 දෙනෙකු, වයස අවුරුදු 42ක පිරිමි පුද්ගලයකු වවුනියාව රෝහලේ තවමත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

නිවසට ගිනි තැබීමට සහ නිවැසියන්ට පහරදීමට මුහුණු ආවරණය කරගත් කණ්ඩායමක් පැමිණෙන අයුරු දැක්වෙන CCTV දර්ශන ද පොලිසිය වෙත ලැබී තිබු අතර, ඒ ඔස්සේ සිදුකළ පරීක්ෂණ මඟිනුයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ.

අනියම් සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් මත ඝාතනය සිදු කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබෙනවා.

එමෙන්ම සැකකරුවන් ඝාතනයට භාවිතා කළ බව කියන කඩු පහක් ඇතුළු ආයුධ තොගයක් ද වුනියාව වෛරවපුලියන්කුලම වැවේ සඟවා තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (01) සොයා ගනු ලැබුවා.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් වව්නියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20ත් 30ත් අතර වයසේ පසුවන පිරිසක්පු.

ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, එම සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඝාතනයට අදාළ ප්‍රධාන සැකකරු සහ මියගිය සුගන්ධන් නමැත්තා කලක සිට මිතුරන්ව සිට ඇති අතර, අනතුරුව දෙදෙනා අතර විරසකයක් හටගෙන ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

ප්‍රධාන සැකකරු අනතුරුව වෙනත් කණ්ඩායමකට ඝාතන කොන්ත්‍රාත්තුව භාරදී ඇති බවටයි පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ.

වවුනියාව, තෝනික්කල් ප්‍රදේශයේ නිවසක 24 වැනිදා අලුයම ගින්නක් හටගෙන ඇති බවට වව්නියාව පොලිසියට ලැබුණු පණිවිඩයක් හරහා පොලිසිය එදින මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරනු ලැබුවා.

ගිනි ගැනීමට ලක්වූ නිවසේ පදිංචි පුද්ගලයා මුදල් පොලියට දීම සහ තවත් ව්‍යාපාර සිදු කර ඇති බව ප්‍රදේශවාසීන් සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.