29.5 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයාපනය සරසවියේ සිසුවියක් කාමරය තුළ අවසන් ගමන් යයි

යාපනය සරසවියේ සිසුවියක් කාමරය තුළ අවසන් ගමන් යයි

යාපනය විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අධ්‍යාපනය ලබමින් සිටි 22 හැවිරිදි සිසුවියකගේ මළ සිරුරක් යාපනය, කලඩ්ඩිප් ප්‍රදේශයේ ඇය රැඳී සිටි නවාතැන්පොළේ තිබි දී සොයාගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ සිසුවිය නවතැන්ගෙන සිටි නවාතැන්පොළේ කාමරයක ගෙල වැළලාගෙන මියගොස් සිටිය දී ඊයේ (03) සවස ඇයගේ මළ සිරුර සොයාගත් බවයි.

ආදර සම්බන්ධතාවයක් බිඳ වැටීම හේතුවෙන් මෙම සිසුවිය මෙලෙස සියදිවි නසාගෙන ඇති බවටයි පොලිසිය සැකපළ කරන්නේ.

මන්නාරම ප්‍රදේශයේ සිසුවියක් මෙලෙස මියගොස් ඇති අතර මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහල වෙත යොමු කිරීමට කටයුතු කළ බව අප වාර්තාකරු සඳහන් කළා.

යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.