― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLPL තරගාවලියෙන් 'ලිට්ල් හාට්ස්' අරමුදලට මිලියන 1.8ක්

LPL තරගාවලියෙන් ‘ලිට්ල් හාට්ස්’ අරමුදලට මිලියන 1.8ක්

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු දින 03 තුළ පැවති තරගවලින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ‘ලිට්ල් හාට්ස්’ අරමුදල සඳහා රුපියල් මිලියන 1.8ක මුදලක් පරිත්‍යාග කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

තරගයකදී එල්ල කරන සෑම හතරේ පහරකටම රුපියල් 4,000ක මුදලක් සහ හයේ පහරක් සඳහා රුපියල් 6,000ක් අදාළ අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කරනවා. ඊට අමතරව තරගාවලියේ යවන සෑම නිලකුණු පන්දුවකටම රුපියල් 2,000ක් බැගින් ද ‘ලිට්ල් හාට්ස්’ අරමුදලට බැර කරන බවයි ක්‍රිකට් ආයතනය පෙර නිවේදනය කළේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රවේශපත්‍ර අලෙවියෙන් එකතු කරන මුදලින් කොටසක් ද ලිට්ල් හාර්ට්ස් අරමුදලට ලබාදීමට ද නියමිතයි. දින දෙකක විවේකයෙන් පසු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග අද (04) මහනුවර – පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා.