― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot News“පරිප්පුවා” කොටුවෙයි

“පරිප්පුවා” කොටුවෙයි

ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු වන දෙමටගොඩ චමින්දගේ සමීපතමයෙකු වන මානවඩුගේ අසංග මධුරංග නොහොත් “පරිප්පුවා” නැමති අපරාධ කල්ලි සාමාජිකයා පොලිස් විශේෂ කර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තියුණු ආයුධ සමඟ වැල්ලම්පිටිය, කොටු විල ප්‍රදේශයේ දී මොහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කර්ය බළකාය සඳහන් කළේ.

ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීම දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සමඟ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවක ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් ‘පරිප්පුවා’ නැමැති අනුවර්ථ නමින් හදුන්වන සැකකරු අත්බෝම්බ ළඟ තබා ගැනීමේ වරදට දෙවරක් සිර දඬුවම් ලබා ඇති අතර මිනීමැරුම් චෝදනාවලට අවශ්‍ය ව සිටි සැකකරුවෙකු ද වනවා.