― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsජල ගාස්තු සඳහා මිල සූත්‍රයක්

ජල ගාස්තු සඳහා මිල සූත්‍රයක්

මාස 6කට වරක් ජල ගාස්තු සංශෝධනයට පියවර ගන්නා බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

ඒ සඳහා මිල සූත්‍රයක් හදුන්වාදීමට පියවර ගන්නා බවයි එහි ලේකම් ආර්. එම්. ඩබ්ලිව්. එස්. සමරදිවාකර මහතා පැවසුවේ.

ජලය පිරිපහදුව සඳහා වියදම් එනම් විදුලි ගාස්තු, රසායන ගාස්තු ද්‍රව්‍ය ඇතුළු කරුණු මුල් කර ගනිමින් මිල සුත්‍රය සකස් කෙරෙන බවත් , එහි වියදම්වලට අනුව මාස 6කට වරක් ජල ගාස්තුව තීරණය කෙරෙන බවද ඔහු සඳහන් කළේ ය.