25 C
Colombo
Sunday, November 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇෆ්ගනිස්තානයේ දරුවෙක් ළිං කුහරයකට වැටෙයි

ඇෆ්ගනිස්තානයේ දරුවෙක් ළිං කුහරයකට වැටෙයි

ඇෆ්ගනිස්තානයේ අඩි 82ක් ගැඹුරු පොළෝ කුහරයක වයස අවුරුදු 9ක දරුවෙක් සිරවීමේ පුවතක් පිළිබද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇෆ්ගනිස්ථානයේ දකුණු දිග සාබුල් පළාතේ ජීවත්වන නව හැවිරිදි හයිදර් නමැති පිරිමි ළමයෙකු මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා ඇත.

මේ වන විට දරුවා දින දෙකක කාලයක් මෙම පොළෝ කුහරයේ සිර වී සිටින අතර
මෙම පිරිමි දරුවා බේරාගැනීමට තාක්ෂණික සහාය ඉක්මනින් අවශ්‍ය බව වාර්තා කරයි.

මෙවැනිම සිදුවීමක් මොරොක්කෝ රාජ්‍යයෙන් වාර්තා වී සති දෙකකටත් අඩු කාලයක් තුළ නැවත ඇෆ්ගනිස්තානයෙන්ද එවැනි සිදුවීමක් වාර්තා වීම ඛේදාන්තයකි.

දරුවා හා සන්නිවේදනය කිරීම සඳහා මේ වනවිට සන්නිවේදන උපකරණයක් දරුවා වෙත යවා ඇති බව වාර්තා වෙයි.