ඉන්දියාවෙන් ආනයනය කරන සියලුම බිත්තර පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට පියවර ගෙන ඇති බව රාජ්ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පවසනවා.
ඔහු කියා සිටියේ දෛනිකව බිත්තර මිලියනයක් ආනයනය කරන බවයි.
කෙසේ වෙතත් බේකරි සහ කර්මාන්ත සඳහා එම බිත්තර ලබාදීමට හැකියාවක් නොමැති බවද සභාපතිවරයා සඳහන් කළා.
ලබන සතිය වන විට සියලුම සුපිරි වෙළඳසැල් සඳහා ඇසුරුම් කරන ලද බිත්තර බෙදාහැරීමේ විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බවයි ඔහු කියා සිටියේ.