28 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඩුබායිහි සැඟවී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සහායිකාවක් අත්අඩංගුවට

ඩුබායිහි සැඟවී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සහායිකාවක් අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින බව කියන ප්‍රධාන පෙළේ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන අහුංගල්ලේ දිල්ෂාන් නැමැත්තා ගේ ජාවාරමට සම්බන්ධ කාන්තාවක් කළුතර කොට්ඨාස දූෂණ මර්ධන වැටලීම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රුපියල් ලක්ෂ 20ක වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ද සමගයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්තේගොඩ මහල් නිවාස සංකීර්ණයේ පදිංචි 28 හැවිරිදි කාන්තාවක්.

සැකකාර කාන්තාව වැලිපැන්න මීගම ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන ජාවාරම සිදුකරන බවට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදු කර තිබෙනවා.

සැකකාරිය පළමුව මත්කුඩු නොමැති බවට ප්‍රකාශ කර ඇතත්, කාන්තා කොස්තාපල්වරියක් මාර්ගයෙන් පරීක්ෂා කිරීමේදී අත් බෑගයේ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක් හමුවී ඇති අතර අනතුරුව ඇය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර කාන්තාව දිනකට රුපියල් 5000ක මුදලක් වැයකරමින් සංචාරක හෝටලයේ නවාතැන්ගෙන සිට ඇති බවටයි හෙළිවී ඇත්තේ.
සැකකාරිය මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතයි.