― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsලෝක කුසලානයට ඉන්දියාවට යන්න පාකිස්ථාන කණ්ඩායමට අවසර

ලෝක කුසලානයට ඉන්දියාවට යන්න පාකිස්ථාන කණ්ඩායමට අවසර

බබාර් අසාම්ගේ නායකත්වයෙන් යුත් පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම 2023 එක්දින ලෝක කුසලානය සඳහා ඉන්දියාවට යාමට පාකිස්ථාන රජයේ අනුමැතිය හිමිව තිබෙනවා.

එරට විදේශ කටයුතු අමාත්‍යාංශය අද ඒ බව තහවුරු කර සිටියා.

නිවේදනයක් නිකුත් කරමින් පාකිස්ථාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ඉන්දියාව සමඟ ඇති දේශපාලන මතගැටුම් පාකිස්තාන ජාත්‍යනතර ක්‍රිකට් ක්‍රීඩාවට බාධාවක් නොවන බවයි.

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ පූර්ණ ආරක්ෂාව මෙම ඉන්දීය සංචාරයේදී සහතික කරනු ඇති බවට විශ්වාස කරන බවයි මෙම අවසරය ලබාදෙමින් පාකිස්ථාන රජය සඳහන් කළේ.

එළඹෙන ඔක්තෝම්බර් මාසයේ ඉන්දියාවේ දී ආරම්භවන අයි.සී.සී. එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වීමට පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම එරට රජයෙන් අවසර ඉල්ලමින් ලිඛිතව ඉල්ලීමක් කර තිබුණා.

එම ඉල්ලීමෙන් පසු සිදුකළ කරුණු සළකා බැලීමෙන් අනතුරුවයි මෙම අවසරය ලබා දී ඇත්තේ.

කෙසේ වෙතත් එළඹෙන ආසියානු කුසලානය සඳහා පාකිස්ථානයේ සංචාරය කිරීම ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මේ වන විටත් ප්‍රතික්ෂේප කර තිබෙනවා.