― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsතලවිල මංගල්‍යයට පැමිණි අයෙක් කූඩාරම තුළ ජීවිතක්ෂයට

තලවිල මංගල්‍යයට පැමිණි අයෙක් කූඩාරම තුළ ජීවිතක්ෂයට

තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය සඳහා පැමිණ කූඩාරමක නවාතැන්ගෙන සිටි පුද්ගලයෙක් ඊයේ (06) රාත්‍රීයේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හදිසියේ ඇති වූ රෝගාබාධ තත්ත්වයක් හේතුවෙන් මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු 44 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

ඔහු පවුලේ ඥාතීන් සමඟ තලවිල දේවස්ථාන භූමියට පැමිණ තිබුණේ ඉකුත් තුන් වනදා බවයි වාර්තා වුණේ. කොළඹ 14, දුම්රිය පටුමඟ ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයාගේ මළ සිරුර මේ වනවිට පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.