ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නව පත්කිරීම් දෙකක් සිදුකොට තිබේ.
ඒ අනුව මහාධිකරණ විනිසුරු සංජීව මොරායස් අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙසත් අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙසත් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.