― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsයතුරුපැදි දෙකක් එකිනෙක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට

යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට

අද (07) පස්වරුවේ වාද්දුව විද්‍යාල මාර්ගයේදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ රිය අනතුරකින් තරුණයකු මියගොස් තිබෙන බව වාද්දුව පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වාද්දුව, තල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙක්.

වාද්දුව මධ්‍ය විද්‍යාල ප්‍රදේශයේ සිට වාද්දුව දෙසට යතුරුපැදිය වේගයෙන් ධාවනය වූ යතුරුපැදිය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියේ මුහුණට මුහුණ ගැටී මීටර් 25ක් පමණ දුරකට ඇදී ගොස් තාප්පයක ගැටී ඇති බව පොලීසිය පවසයි.

අනෙක් යතුරුපැදියේ ගමන්කළ යුවලද තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.