ඉදිරි සති දෙක තුනක කාල ඇතුළත වැසි නොලැබුණහොත් ජල විදුලියෙන් විදුලිය උත්පාදනය කළ හැක්කේ තවත් මාස එකහමාරක කාලසීමාවකට පමණක් බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවෝ අනතුරු අඟවති.
ඊයේ (07) වනවිට ජල විදුලි බලාගාර ආශ්‍රිත ජල ධාරිතාව සමස්ත ජල ධාරිතාවෙන් සියයට 34.2 දක්වා පහත වැටී ඇති බවයි දත්ත වාර්තා පෙන්වා දෙන්නේ.
ඒ අනුව කාසල්රි ජලාශයේ ජල මට්ටම සියයට 39.2 ලෙසත්, මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම සියයට 43.1 ලෙසත්, කොත්මලේ ජලාශයේ ජල මට්ටම සියයට 63.1 ලෙසත්, වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම සියයට 30.5 ලෙසත්, රන්දෙණිගල ජලාශයේ ජල මට්ටම සියයට 8.4 ලෙසත්, සමනල වැව ජලාශයේ ජල මට්ටම සියයට 13 ලෙසත් දැක්වේ.


