25.6 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද සිට සමනල වැවෙන් උඩවලව ජලාශයට ජලය

අද සිට සමනල වැවෙන් උඩවලව ජලාශයට ජලය

සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශය වෙත ජලය මුදාහැරීම අද (08) ආරම්භ කළ බව විදුලිබල රාජ්‍ය අමාත්‍ය ඩී. වී චානක පැවසීය.

අද අලුයම 03 සිට පළමු වටයේ දින තුනක් සඳහා ජලය මුදාහරිනු ලබන අතර
දිනකට කියුබික් මීටර් මිලියන 3.5 බැගින් ජලය මුදාහැරීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.

වසර 20 කට පසු මහවැලි වලව කලාපයට බලපෑ දරුණුතම වියළි කාලගුණයත් සමඟ උඩවලව ජලාශයේ ජලය සිඳීයාමෙන් ඇති වූ අර්බුදකාරි තත්ත්වය මේ වනවිට තවත් තීව්‍ර වී තිබේ.