31 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldපකිස්ථානයේ ජාතික ගුවන් සේවය පෞද්ගලීකරණයට

පකිස්ථානයේ ජාතික ගුවන් සේවය පෞද්ගලීකරණයට

පකිස්ථානය සිය ජාතික ගුවන් සේවය වන පකිස්ථාන ජාත්‍යන්තර ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

එරට මුදල් අමාත්‍ය ඉෂාක් ඩාර්ගේ ප්‍රධානත්වයෙන් පෞද්ගලීකරණය පිළිබඳ කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පාර්ලිමේන්තුව විසින් සිදු කරන ලද නීති සංශෝධන අනුව දැනට ක්‍රියාත්මක වන පුද්ගලීකරණ වැඩසටහනේ සක්‍රීය පුද්ගලීකරණ ව්‍යාපෘති ලැයිස්තුවට පකිස්තාන ජාත්‍යන්තර ගුවන් සමාගම ඇතුළත් කිරීමට සාකච්ඡා කිරීමෙන් පසුව මෙම තීරණය ගත් බවයි පකිස්තාන මුදල් අමාත්‍යංශය පැවසුවේ.