29.5 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇෆ්ගනිස්තානයේ ළිං කුහරය තුළ සිරවූ දරුවා ජීවිතක්ෂයට

ඇෆ්ගනිස්තානයේ ළිං කුහරය තුළ සිරවූ දරුවා ජීවිතක්ෂයට

ඇෆ්ගනිස්තානයේ අඩි 82ක් ගැඹුරු ළිං කුහරයක සිරවූ 6 හැවිරිදි දරුවා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හයිඩර් නමැති මෙම හය හැවිරිදි පිරිමි දරුවා බේරා ගැනීමට පැය විසිහතර පුරා මෙහෙයුම් කණ්ඩායම් වෙහෙස වූ අතර අද (18) පස්වරුවේ ඔහු පිටතට ගැනීමට සහන කණ්ඩායම් සමත් වී ඇත.

එහෙත් මෙහෙයුම්වල අවසන් මොහොත වනවිට ළිඳ තුළින් ළමයා ප්‍රතිචාර නොදක්වා ඇත. බ්‍රහස්පතින්දා සිට ළිඳෙන් කිසිදු ශබ්දයක් පිට නොවූ බව සහන කණ්ඩායම් පවසා තිබෙන බව වාර්තා වෙයි.

බේරා ගැනීමේ කණ්ඩායම පිරිමි ළමයා වෙත ළඟා වීමට පොළව තුළට අගලක් කැණීම් සිදු කළ අතර බේරා ගැනීමෙන් පසු ඔහුව හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටරයකින් කාබුල්හි රෝහලකට රැගෙන ගියද ඔහු මියගොස් තිබේ.