ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 12වන තරගය ලකුණු 89 කින් ජය ලැබිමට B-Love Kandy කණ්ඩායම සමත් වුණා.
කාසියේ වාසිය දිනා ගැනීමට Galle Titans කණ්ඩායම සමත් වු අතර ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.
ඒ අනුව Kandy කණ්ඩායම සිය පන්දු 120 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 203ක් ලබා ගත්තා. Kandy කණ්ඩායම වෙනුවෙන් ෆකර් හසම් 45ක්,චන්දිමාල් 25ක්,වනිදු හසරංග 64 ,මැතිව්ස් 40ක් ද ලබා ගත්තා.
පන්දු යැවිමේදී ලහිරු සමරකෝන් කඩුලු 2ක් ද ,රිචට් නගර්වා සහ ටබ්රි ෂමිස් එක කඩුල්ල බැගින් ලබා ගත්තා
ජයග්‍රාහනය සදහා Galle Titans කණ්ඩායම පන්දු 120ක් තුළ 204ක් ලබා ගත යුතුව තිබුණත් B-Love Kandy කණ්ඩායමේ පන්දු බලඇණිය ඔවුන්ට අවස්ථාව ලබා දුන්නේ නෑ.
Lasith Croospulle ලකුණු 27 යි,
ඒ අනුව පන්දුවාර 16.4 දි ඔවුන්ට ලබාගත හැකි වුයේ 114 ක් පමණයි.


