පෘතුගාලයේ පැතිර යන ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයෝ උත්සාහ කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දකුණු ඔඩෙමිරා නගරය අසල ඇති වූ ගින්න හේතුවෙන් 1,400 කට වැඩි පිරිසකට එම ප්‍රදේශයෙන් ඉවත් වීමට සිදුව ඇති අතර එම ගින්නෙන් මේ වන විට අක්කර 16,600 පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය සෙනසුරාදා ආරම්භ වූ මෙම ගින්න දැඩි සුළං තත්ත්වය හේතුවෙන් පෘතුගාලයේ ප්‍රධාන සංචාරක කලාපය වන Algarve හි ප්රදේශවලටද බලපා තිබේ.