― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsවන සතුන්ගේ පිපාසය නිවන්න බවුසර් මගින් පොකුණුවලට ජලය

වන සතුන්ගේ පිපාසය නිවන්න බවුසර් මගින් පොකුණුවලට ජලය

පවතින නියං තත්වය විල්පත්තුව ජාතික වන උද්‍යානයට තදින් බලපා ඇති බව වනජීවි නිළධාරීහු පවසති.

මේ වනවිට විල්පත්තුව ජාතික වන උද්‍යානයෙ ස්භාවික විල්ලුවල ජල මට්ටම ශීඝ්‍රර ලෙස පහත වැටී ඇති බවත් සිඳී ඇති කෘතිම පොකුණුවලට බවුසර් මගින් නිරන්තරයෙන් ජලය පිරවීමට කටයුතු කරමින් සිටින බවත් උද්‍යාන පාලක සුරංග සේනානායක පවසයි.

ඒ සමගම පවතින වියළි තත්වය හේතුවෙන් උද්‍යානය පුරා තෘණ බිම් සියල්ලම සම්පුර්ණයෙන් වියළි ගොස් ඇති බවත් මේ හේතුවෙන් තෘණ පමණක් ආහාරයට ගන්නා වන සතුන් ආරක්ෂා කර ගැනීම බරපතල ගැටලුවක් වී ඇති බවත් වනජීවි නිළධාරිහු පවසති.