― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsරුපියල් 4000ක අල්ලස් ගත් රාජ්‍ය සේවකයෙක් අත්අඩංගුවට

රුපියල් 4000ක අල්ලස් ගත් රාජ්‍ය සේවකයෙක් අත්අඩංගුවට

රුපියල් 4000ක් අල්ලස් වශයෙන් ලබාගත් මැදගම ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවකයෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මැදගම ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය මගින් ජල සැපයුම ලබාදීමට සැකකරු පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 ක් ඉල්ලා තිබේ.

ඉන් රුපියල් 1000 ක් සැකකරු මීට පෙර ලබා ගෙන ඇති බවත් ඉතිරි රුපියල් 4000 ලබා ගන්නා අවස්ථාවේදී මැදගම ජල සම්පාදන හා ජල පවහන මණ්ඩලය අසලදීම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.