27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරබර් කර්මාන්ත ශාලාවක මුරකරු අබිරහස් ලෙස මිය ගිහින්

රබර් කර්මාන්ත ශාලාවක මුරකරු අබිරහස් ලෙස මිය ගිහින්

ඉංගිරිය හඳපාන්ගොඩ ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක මුරකරුගේ මළ සිරුර ඒ ආසන්නයේ තේ වත්තක අනාරක්ෂිත ළිඳකට තිබියදී සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පාදුක්ක මීරියගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පුද්ගලයෙක්.

මියගිය පුද්ගලයා එම කර්මාන්ත ශාලාවේම නතර වී සේවය කරන අතර පසුගිය සඳුදා පෙරවරු 10.30ට පමණ ඔහු අතුරුදන්ව ඇති බව සඳහන්.

අනතුරුව කර්මාන්තශාලාවේ හිමිකරුවන් සහ සේවකයන් ඔහු සම්බන්ධයෙන් සොයා බැලුවද කිසිදු තොරතුරක් ලැබී තිබුණේ නැහැ.

එම කර්මාන්ත ශාලාව ඉදිරිපිට තේ ඉඩමක හිමිකාරිය තම වත්තට ගොස් එහි ඇති පොල් ගසේ පොල් වැටී ඇත්දැයි ඇද්දැයි සොයා ළිඳ තුළට එබිකම් කර බැලීමේදී දැක ඇත්තේ පුද්ගලයකුගේ පාදවල යටි පතුල් දිය මතුපිට තිබෙන ආකාරයයි.

අනතුරුව කර්මාන්තශාලාවේ හිමිකරුවන් විසින් ඒ සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දී තිබෙනවා.

හොරණ වැඩබලන මහේස්ත්‍රාත්වරියගේ නියෝග මත මළ සිරුර ගොඩට ගෙන පරීක්ෂා කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා හොරණ මූලික රෝහලට යොමු කරන ලෙසටයි නියෝග කළේ.