― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමඩු මංගල්‍යයට එන බැතිමතුන්ට විශේෂ දුම්රියක්

මඩු මංගල්‍යයට එන බැතිමතුන්ට විශේෂ දුම්රියක්

මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික අවසන් මංගල්‍යය සඳහා මෙවර බැතිමතුන් ලක්ෂ තුනක් පමණ සහභාගී වෙතැයි අපේක්ෂා කෙරේ.

මෙවර මංගල්‍යය සඳහා සහභාගී වන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා විශේෂ සාකච්ඡාවක් ඊයේ (09) මන්නාරම රදගුරු නිවසේ පැවති අතර මඩු මංගල්‍යයට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පානීය ජල පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් සපයා දීම සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමුව තිබේ.

ආරක්ෂක අංශ විසින් එම කටයුතුවල වගකීම බාරගෙන තිබේ.

මඩු මංගල්‍යය පැවැත්වෙන කාල වකවානුවේදී ආරක්ෂාව සඳහා පොලීස් නිලධාරීන් 1000ක් සේවයේ යොදවන අතර වෙනත් ආරක්ෂක අංශ නිලධාරීන් ද ආරක්ෂක කටයුතුවලට සහය දක්වනු ලබයි.

මේ මස 14 වැනිදා රාත්‍රියේ හා 15 වැනිදා උදෑසන පැවැත්වෙන දේව මෙහෙයන්වලින් පසුව වාර්ෂික මඩු මංගල්‍යය අවසන් වීමට නියමිතය

මෙම බැතිමතුන්ගේ පහසුව සඳහා විශේෂ දුම්රියක් මේ දිනවල කොළඹ කොටුවෙන් පෙරවරු 6.15ට දිනපතාම මඩු හන්දිය දක්වා ධාවනය කෙරේ.