බ්‍රිතාන්‍යයෙන් මෑතකදී හමුවුණු කොවිඩ් 19 වයිරසයේ නව ප්‍රභේදය වන ‘එරිස් – ඊ.ජී.5’ මේ වනවිට ඇමෙරිකාවටද ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකානු සෞඛ්‍ය අංශ පවසන්නේ අලුතින් හමුවන කොවිඩ් 19 ආසාදිතයන්ගෙන් සියයට 17ක්ම ‘එරිස් – ඊජී.5’ ආසාදිතයන් බවයි.
මෙය ඔමික්‍රෝන් වයිරසයේ උප ප්‍රභේදයක් වන අතර එය වේගයෙන් ව්‍යාප්ත වන බවයි විද්‍යාඥයන් පවසන්නේ.