2023 වසරේ මුල් මාස හයේදී නව වාහන දසදහස් හතළිස් පහක් ලියාපදිංචි කර තිබෙන බව පාර්ලිමේන්තුවේ ඊයේ (10) සභාගත කරන ලද පිළිතුරක සඳහන් වෙයි.
කළුතර දිස්ත්‍රික් මන්ත්‍රි සංජීව එදිරිමාන්න විසින් අසන ලද ප්‍රශ්නයකට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය ලබා දී තිබෙන පිළිතුරකයි මේ බව සඳහන්ව ඇත්තේ.
මෙම වාහන ලියාපදිංචිය මගින් රජයට රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක ආදායමක් ලැබී ඇති අතර නව වාහන තුන්සිය හතළිස් නවයක් සඳහා ප්‍රියමනාප අංක ලබා ගෙන ඇති බවත් එමගින් රුපියල් විසි ලක්ෂ තිස් දෙදහසක මුදලක ආදායමක් ලැබී ඇති බවත් එහි වැඩිදුරටත් දැක්වෙයි.
සභාගත කර ඇත්තේකි.