30 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුහුණුපොතෙන් හඳුනාගත් දැරියට හදි කළ පෙම්වතා

මුහුණුපොතෙන් හඳුනාගත් දැරියට හදි කළ පෙම්වතා

මුහුණු පොතෙන් හඳුනාගත් පහළොස් හැවිරිදි සිසුවියකට ලිංගික අතවර කළ තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම දැරිය තරුණයා සොයා මුල්ලේරියාව ප්‍රදේශයට ගොස් ඇති අතර එහිදීයි ඇය මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ.

තම දියණිය තනිව නිවසෙන් පිටව ගොස් නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් දැරියගේ මව අලුත්ගම පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය මෙම සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26ක තරුණයෙකු බවයි වාර්තා වන්නේ.